දරුණු අක්මා රෝගයකින් පසුවෙන මාස හතක් වයසැති මෙතික සනුල් මන්හිරු සිඟිති පුතු සුවපත් කරගැනීම සඳහා ඔබේ සහය පතයි.

ත්‍රිකුණාමලය, අභයපුර, අංක 191 ලිපිනයේ පදිංචි මෙතික සනුල් මන්හිරු (මාස 07)  සිඟිති පුතු දරුණු අක්මා රෝගයකින් පෙලෙන බැවින් ඔහු සුවපත් කරගැනීමට ඉතා ඉක්මණින් අක්මාවේ කොටසක් බද්ධ කළ යුතු බවට රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශර්මන් රාජේන්ද්‍ර මහතා නිර්දේශ කර ඇත.

 ඉන්දියාවේ දී සිදු කළ යුතු එම සැත්කමට රුපියල් ලක්ෂ හැත්තෑ පහක පමණ මුදලක් වැය වන බවට වෛද්‍යවරුන් පවසා තිබේ. මෙතික සනුල් පුතුගේ දෙමවුපියන්ට මෙතරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් බැවින් ඒ සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරති.

මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් මහජන බැංකුවේ ත්‍රිකුණාමලය ශාඛාවේ 255200117874709 දරන ගිණුම් අංක යටතේ දරුවාගේ පියා වන චමින්ද ලියනගේ නමින් ආරම්භ කර ඇති ගිණුමට මුදල් බැර කළ  හැකි අතර මේ පිළිබඳ වැඩි දුර තොරතුරු 071- 1822428 යන දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

Next
This is the most recent post.
Previous
Older Post
 
Top